
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි සමග දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ.
වෙන් වෙන් වශයෙන් පැවැති එම දුරකථන සාකච්ඡාවකදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇත්තේ යුක්රේන යුද්ධය පිළිබඳවයි.
එමෙන්ම රුසියානු ජනාධිපතිවරයා සහ යුක්රේන ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය මෝදි වෙත රුසියාවේ සහ යුක්රේනයේ සංචාර සඳහා ආරාධනා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
එමෙන්ම යුක්රේනයට එරෙහිව පවතින යුද්ධය විසඳීමේ සාර්ථකම මාර්ගය වන්නේ සාකච්ඡා සඳහා එළඹ රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එකඟ වීම බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී රුසියානු සහ යුක්රේන ජනාධිපතිවරුන්ට පෙන්වා දී තිබේ.
එමෙන්ම සාමය ලගා කර ගැනීම වෙනුවෙන් වූ ඕනෑම ක්‍රියාමාර්ගක් සඳහා ඉන්දියාව සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියානු සහ යුක්රේන ජනාධිපතිවරුන් වෙත පවසා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම රුසියාව සහ යුක්රේනය සමග පවතින ද්විපාර්ශවීය සබඳතා ඉදිරි වසරවල තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කැපවී සිටින බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇතැයි සඳහන්.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart