
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයීඩ් අල් නාහියන් වෙත ඊද් සුබපැතුම් පිරිනමා තිබේ.
මෙම දුරකථන ඇමතුමේදී, අහිංසක ජීවිත අහිමි වීමට සහ සිවිල් යටිතල පහසුකම්වලට හානි සිදු වීමට හේතු වූ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ සියලුම ප්‍රහාරයන් ඉන්දියාව දැඩි ලෙස හෙළා දකින බව ද අග්‍රාමාත්‍ය මෝදි නැවතත් අවධාරණය කළේය.
X හි සටහනක් තබමින් අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කර තිබුණේ “මගේ සහෝදර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියෑන් සමඟ කතා කර කලින්ම ඊද් සුබපැතුම් පිරිනැමුවා. අපි බටහිර ආසියාවේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා. අහිංසක ජීවිත අහිමි වීමට සහ සිවිල් යටිතල පහසුකම්වලට හානි වීමට හේතු වූ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ සියලුම ප්‍රහාරයන් ඉන්දියාව දැඩි ලෙස හෙළා දකින බව මම නැවතත් ප්‍රකාශ කළා.” යනුවෙනි.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ආරක්ෂිත සහ නිදහස් නාවික ගමනාගමනය සහතික කිරීමේ වැදගත්කම පිළිබඳව අපි එකඟ වුණා. කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අපි දිගටම එක්ව කටයුතු කරන්නෙමු.”යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart