August 30, 2026

ඉදිරියේදී පැවැත්වීමට නියමිත එංගලන්තයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතයට හිටපු නායක දසුන් ෂානක නැවත කැඳවීමට වැඩි ඉඩකඩක් පවතින බව වාර්තා වේ.

ලබන වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ අවසන් පන්දුවාරවල පිතිකරණ ශක්තිය තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ඔහුව නැවත එක්දින කණ්ඩායමට එක්කර ගැනීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබේ.

එමෙන්ම, මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් චරිත් අසලංක ද නැවත T20I සංචිතයට කැඳවීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.