
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හොංකොං අන්තර්ජාතික ගුවන්තොටුපළේ දී භාණ්ඩ ප්රවාහන ගුවන් යානයක් අද අලුයම ධාවන පථයෙන් ඉවතට ගොස් මුහුදට ඇද වැටීමේ දී එහි ගැටී ජලයට වැටුණු වාහනයක සිටි ගුවන් තොටුපළ කාර්ය මණ්ඩල සේවකයන් දෙදෙනෙකු මියගොස් තිබේ.
තුර්කි භාණ්ඩ ප්රවාහන ගුවන් සේවයක් වන ACT ගුවන් සේවය විසින් මෙහෙයවන ලද බෝයිං ගුවන් යානය, දේශීය වේලාවෙන් අලුයම 3:50ට පමණ ඩුබායි සිට පැමිණ ගොඩ බෑමේ දී ධාවන පථයෙන් ඉවතට ගොස් දෙකට කැඩී ගිය බව නිලධාරීහු පැවසූහ.
“අවාසනාවකට මෙන්, ඒ වන විට ගුවන්තොටුපළ ආරක්ෂක මුර සංචාර මෝටර් රථයක් එහි තිබුණා. ගුවන් යානය මුර සංචාර මෝටර් රථයේ ගැටීමෙන් මෝටර් රථය මුහුදට තල්ලු වුණා,” හොංකොං අන්තර්ජාතික ගුවන්තොටුපළේ ගුවන්තොටුපළ මෙහෙයුම් විධායක අධ්යක්ෂ ස්ටීවන් යියු පැවසීය.
ඒ අනුව එහි ගමන් කළ දෙදෙනා මිය ගොස් තිබේ.
ගුවන් යානය අර්ධ වශයෙන් ජලයෙන් යට වී ඇති අතර එහි වලිග කොටස කැඩී ගොස් ඇති බව වීඩියෝවේ දැක්වේ.
නියමු කුටියට පහළින් ඇති ගුවන් යානයේ ඉදිරිපස කොටසට ද සැළකිව යුතු හානියක් සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart