
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයාගත් බවට චෝදනා එල්ලවන පියුමි හංසමාලී නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න රහස් පොලිසියට අවසර ලබාදුන්නේය.
රහස් පොලිසියේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුව බැංකු වාර්තා කැඳවීමට මෙම නියෝගය ලබාදී ඇත.
‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලක් අනුව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමී හංසමාලි රුපියල් ලක්ෂය අටසීයකට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම,කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම,කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැකසහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 6 දරණ මුදල් විසුද්ධි කරන පනත යටතේ මෙම විමර්ශනය සිදුකරන අතර රහස් පොලිසය ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාවරයා බැංකු ගිණුම් වාර්තා කැඳවීමට පොලිසියට අවසර ලබාදෙමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා පැමිණිල්ල බහා තැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart