
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගුවනේදී වූ විනාශකාරී අනතුරකින් කුඩා ගුවන් යානා(ග්ලයිඩර) දෙකක් ගැටී බිමට ඇඳවැටීමෙන් ගුවන් නියමුවෙක් මිය ගොස් ඇත.
අගෝස්තු 17 වැනි බ්‍රහස්පතින්දා සවස 03ට පමණ ලෙස්ටර්ෂයර් හි මෙල්ටන් මවුබ්‍රේ හි මෙම අනතුර සිදුව ඇත.
තම නිවෙස් ඉදිරිපිට ඇති පිට්ටනියකට ඉහළින් ඔහුගේ ග්ලයිඩරය කඩා වැටී සුන්බුන් කාර්යබහුල මාර්ගයකට අඩි කිහිපයක් ඔබ්බෙන් ගොඩබස්වා තිබේ.
අනතුර සිදු වූ ස්ථානයට ආසන්නව පිහිටි නිවසක සිටින අමන්දා කුම්බ්ස් සඳහන් කර ඇත්තේ, ඔවුන්ගේ නිවසට ඉහළින් ග්ලයිඩර් හතරක කණ්ඩායමක් ලෙස පියාසර කළ බවයි.
එම යානා වලාකුළු මට්ටමට මදක් පහළින් පියාසර කරන විට ඔවුන් බලා සිටි බවත්, පසුව එක් යානයක් තව යානයක හැප්පුන බවත්, ඇය පවසයි.
එන්ජිමක් නොමැති දෙවන ග්ලයිඩරයේ නියමුවා ප්‍රාතිහාර්යයකින් බේරී ඇති බව වාර්තා වී ඇත.
තනි ආසන යාත්‍රා දෙකේ සුන්බුන් සැතපුම් භාගයක් පුරා විසිරී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart