
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර, දියවඩන නිලමේවරයාගේ නිල නිවස ඉදිරිපිට පිහිටි පැරණි ජාතික පොළ පිටියේ ඉදිකර ඇති වන්දනාකරුවන්ගේ විවේකාගාරය ව්‍යාපාරිකයකු විසින් අත්පත් කරගෙන සිටීම ගැන දුර බැහැර ප්‍රදේශවල සිට ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවෝ සිය කනස්සල්ල පළකරති.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විවෘත කරන ලද මෙම වන්දනාකරුවන්ගේ විවේකාගාරය ලෝක බැංකුවේ අරමුදල් ව්‍යාපෘතියක් යටතේ ඉදිකර ඇත.
එහි දොරගුළු දමා ඇති ව්‍යාපාරිකයා නව ඉදිකිරීම් සිදුකරන බව වන්දනාකරුවෝ පෙන්වාදෙති.
මේ නිසා දළදා මාළිගාව වැඳපුදා ගැනීමට පැමිණි බැතිමතුන් අධික වර්ෂාවට නිරාවරණය වෙමින් ගොඩනැගිල්ලෙන් පිටත රැඳී සිටින අයුරු දැකගත හැකිය.
ව්‍යාපාරිකයා කියා සිටින්නේ තමන් මෙම ගොඩනැගිල්ල මහනුවර මහ නගර සභාවෙන් බදු පදනම මත ලබාගෙන ඇති බවයි.
මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක පවසන්නේ, මෙම ගොඩනැගිල්ලේ කොටසක් අදාළ ව්‍යාපාරිකයාට ආපනශාලාවක් පවත්වාගෙන යෑම සඳහා බදු දී ඇති බවත්, ආපන ශාලාව විවෘත කිරීමෙන් පසු ගොඩනැගිල්ල වන්දනාකරුවන් සඳහා විවෘත කරන බවත්ය.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart