
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මරදාන දුම්රිය දෙපාර්තමේන්තු ගබඩාවේ ස්ථාපනය කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම අංගසම්පූර්ණ විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන මධ්‍යස්ථානය මගින් පෙට්‍රල් ත්‍රිරෝද සහ විදුලි නොවන ත්‍රිරෝද රථ පැය දෙකකින් විදුලි බලයෙන් ක්‍රියාකරන රථ බවට පරිවර්තනය කෙරේ.
“Vega සමාගමේ ELEKTRATEQ ත්‍රිරෝද රථයේ සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියම මෙම නිෂ්පාදන කම්හල තුළ සිදු කෙරේ. පෙට්රල්වලින් ධාවනය වන ත්‍රිරෝද රථයක් පැය දෙකක් ඇතුළත විදුලිය බවට පත් කිරීමට අවශ්‍ය සියලු පහසුකම්වලින් මෙම කර්මාන්ත ශාලාව සමන්විතයි” යනුවෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මාසයක් තුළ ත්‍රිරෝද 100ක් විදුලියෙන් ධාවනය වන රථ බවට පත්කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.
“පෞද්ගලික මූල්‍ය ආයතනයක් සමඟ එක්ව මාසයකදී ත්‍රිරෝද රථ සියයක් විද්‍යුත් රථ බවට පත්කිරීමේ ව්‍යාපෘතියක් මෙම කර්මාන්ත ශාලාවේ ක්‍රියාත්මකයි. මෙම කර්මාන්ත ශාලාව නවීන තාක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය තහඩු කැපීම සහ නැමීමේ යන්ත්‍ර, බැටරි නිෂ්පාදන යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපාංග වලින් සමන්විත වේ. ශ්‍රී ලංකාව පුරා ඇති විදුලි ත්‍රිරෝද රථ හඳුනාගැනීම සඳහා අංක තහඩුවට විශේෂ වර්ණයක් ලබාදීමට පියවර ගන්නා ලෙසද උපදෙස් ලැබී ඇත” යැයි නිවේදනය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart