
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විසඳුම් නොලැබී පවතින ළමා අපයෝජන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා අත්සන් 40,000ක් එකතු කරන ලද මහජන පෙත්සමක්, තුෂ් වික්‍රමනායක ඇතුළු කණ්ඩායම විසින් අද (09) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වෙත බාරදෙන ලදී.
මෙම අවස්ථාවේදී චමින්ද්‍රාණි කිරිඇල්ල සහ රෝහිණී කවිරත්න ඇතුළු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මෙන්ම සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ද මෙම පෙත්සමට අත්සන් තැබූහ. මෙම ‘#40000’ කණ්ඩායම මීට පෙර විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස හමුවී මෙම ප්‍රචාරක ව්‍යාපාරය පිළිබඳව ඔහුව දැනුවත් කර තිබිණි.
මේ අතර, ස්ථාවර නියෝග 27(2) යටතේ අද (09) පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියාසිටියේ ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා ශ්‍රී ලංකාව දේශීය නීතිමය මෙන්ම ජාත්‍යන්තර බැඳීම්වලින් ද බැඳී සිටින නමුත්, ළමා ආරක්ෂණ පද්ධතියේ පවතින බරපතල අකාර්යක්ෂමතාව, විසඳුම් නොලද පැමිණිලි සහ අධිකරණ ක්‍රියාවලියේ ප්‍රමාදය හේතුවෙන් දරුවන්ගේ මූලික අයිතිවාසිකම් දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය තනි නීතියක් ලෙස බලාත්මක කර නොමැති බවත්, බාලවයස්කාර යුක්ති විනිශ්චය සංශෝධන පනත් කෙටුම්පත ක්‍රියාත්මක කර නොමැති බවත් පෙන්වා දුන් විපක්ෂ නායකයා, මේ නිසා ළමා ආරක්ෂණය තුළ විශාල හිඩැස් නිර්මාණය වී ඇති බව සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart