
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලෙජන්ඩ්‍රෝ ටොලේඩෝ (Alejandro Toledo) එක්සත් ජනපදයේ බලධාරීන්ට භාරවී තිබේ. දූෂණ චෝදනාවලට මුහුණ දී සිටින ඇලෙජන්ඩ් නැවත පේරු වෙත පිටුවහල් කරන බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර ඇත. 2001-06 කාලය තුළ බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් ඩොලර් මිලියන 20 ක අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් 77 හැවිරිදි ටොලිඩෝට චෝදනා එල්ල වී තිබේ.
එල්ලවී ඇති චෝදනාවලට වරදකරු වුවහොත් ඔහුට වසර 20ක සිරදඬුවමක් හිමිවනු ඇත. එල්ලවූ චෝදනා හමුවේ ඔහු මීට වසර කිහිපයකට පෙර එක්සත් ජනපදයට පළාගියේය. 2018 දී ඔහුව පිටුවහල් කරන ලෙස පේරු රාජ්‍යය නිල වශයෙන් ඉල්ලා සිටි අතර, එක්සත් ජනපද අධිකරණයක් ඔහුව නිවාස අඩස්සියේ තැබීය. එතැන් සිට ඔහු එක්සත් ජනපද බලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ කැලිෆෝනියාවේ නිවසක ජීවත් විය.
කෙසේවෙතත් ඇලෙජන්ඩ්‍ගේ නීතීඥයන් තර්ක කරන්නේ, ඔහුව නැවත පේරු වෙත යැවුවහොත් ඔහුගේ ජීවිතයට අනතුරක් විය හැකි බවටයි. එහෙත් උතුරු කැලිෆෝනියාවේ විනිසුරුවරයකු, අදාළ තත්වය වෙනත් ආකාරයකින් සළකා, ඔහුව පිටුවහල් කිරීමට නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart