
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධික නිෂ්පාදන පිරිවැය හේතුවෙන් දේශීය වෙළඳපොළේ කේක්, පාන් සහ බනිස් අලෙවිය 50%කින් පමණ පහත වැටී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ඔවුන් පැවසුවේ මාගරින් සහ බටර් කිලෝග්‍රෑමයක මිල පිළිවෙළින් රුපියල් 1,000ක් සහ රුපියල් 3,000ක් වන බවයි.
“ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර තොග තවමත් අපට ලැබී නැහැ. දේශීයව නිෂ්පාදනය කරන බිත්තරයක් රුපියල් 60 බැගින් අපට මිලදී ගැනීමට සිදුවී තිබෙනවා. එය බේකරි කර්මාන්තයට දැඩි පහරක් එල්ල කරනවා,” යැයි සංගමයේ සභාපතිවරයා පැවසීය.
එබැවින් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර බේකරි ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල පහත හෙළන ලෙසත් සහන ලබාදෙන ලෙසත් බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart