
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2020 – 2024 සමයේ විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් විෂමතාවට මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නැතැයි ද තමන් මහාපරිමාණ විශ්‍රාම වැටුප් විෂමතාවක වින්දිතයන් බවට පත්වී ඇතැයි ද පවසමින් ජාතික විශ්‍රාම දිනය යෙදුණු ඊයේ (08දා) විශ්‍රාමික එකමුතුව විරෝධතාවක නිරත වූහ.
දීර්ඝ කාලයක් පවතින එම ගැටලුව 2025 අය-වැයෙන් විසඳනවා වෙනුවට තවදුරටත් තීව්‍ර කිරීමට එරෙහිව මෙසේ අප්‍රසාදය පළ කරන බව විශ්‍රාමික එකමුතුවේ සභාපති මාලික විමලසූරිය පැවසීය.
මෙම ගැටලුව පිළිබඳව රට පුරා සිටින සිය සාමාජිකයන් ප්‍රාදේශීය දේශපාලකයන් හරහා ජනාධිපතිවරයා ඇතුළු ඉහළ බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් පසුගිය සමයේ කළ උද්ඝෝෂණවලදී ලබාදුන් පොරොන්දු ද කඩකර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ජාතික විශ්‍රාමික වැටුප් දිනය යෙදුණු ඊයේ විශ්‍රාමිකයන් බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිටදී විරෝධතාවේ නිරතවූ අයුරු ඡායාරූපයේ දැක්වේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart