
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සැප්තැම්බර් මාසයේ සිට විශ්‍රාමිකයන්ගේ අතුරු දීමනාව රුපියල් 5,500 දක්වා වැඩිකිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව, දැනට රාජ්‍ය සේවයේ සියලුම විශ්‍රාමිකයන්ට ලබාදෙන රුපියල් 2500ක අතුරු දීමනාව තවත් රුපියල් 3000කින් වැඩිකරමින් රුපියල් 5,500ක අතුරු දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි යූ.ආර්. සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පත්කළ විද්වත් කමිටුවක් මගින් ලබාදී ඇති සමාලෝචන මත මෙම වැඩිකිරීම සිදුකෙරේ.
ඒ අනුව 2025 වසරේ සිට සංශෝධිත වැටුප් ව්‍යුහය ක්‍රියාත්මක වනතුරු විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට මෙම අතුරු දීමනාව ලබාදෙනු ඇත.
මෙරට විශ්‍රාමිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 7 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ නිසා රජයට මෙම වසරේ අතුරු දීමනාව සඳහා රුපියල් බිලියන 8.4ක් වැයකිරීමට සිදුවන බව පැවැසේ..
රාජ්‍ය අයවැය කළමනාකරණයේ අභියෝග මධ්‍යයේ වුවද විශ්‍රාමික රාජ්‍ය සේවකයන් මුහුණදෙන වත්මන් මූල්‍ය දුෂ්කරතා සලකා බලා රජය විසින් කඩිනම් කෙටි කාලීන විසඳුමක් ලෙස මෙම අතුරු දීමනාව ලබාදීමට පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart