
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 2028 හෝ 2030 වන විට විශ්‍රාම වැටුප් ගෙවීමේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට මූල්‍ය අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පැවැති කමිටු රැස්වීමේදී මේ බව අනාවරණය වූ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් තාක්ෂණික අධ්‍යයනයක් සිදුකර නොමැති නමුත්, අනුමාන අනුව වසර 2028 හෝ 2030 වන විට විශ්‍රාම වැටුප් ගෙවීමේ දී රජයට මූල්‍ය අර්බුදයක් ඇතිවීමට ඉඩ ඇති බව එම රැස්වීමේදී විපක්ෂ නායකවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදාළ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට විශ්‍රාම වැටුප් ලබන්නන් ලක්ෂ 07ක් පමණ සිටින බවත්, ඔවුන්ගේ මාසික විශ්‍රාම වැටුප් ගෙවීමට ආසන්න වශයෙන් රුපියල් බිලියන 27ක් අවශ්‍ය වන බවත්, ඔවුන් සඳහන් කර ඇත.
මීට අමතරව, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මියගිය පුද්ගලයන්ට රජය මාසිකව රුපියල් මිලියන 3,000ක වන්දි සහ දීමනා ගෙවන බව ඔවුන් පවසා තිබේ.
එමෙන්ම පාරිතෝෂිත දීමනා ප්‍රමාද වන බවත්, මේ වනවිට මාසික විශ්‍රාම වැටුප අඛණ්ඩව ගෙවන බවත්, එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart