
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් සභා මැතිවරණය ලබන වසර තුළ පැවැත්වීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද ප්‍රකාශ කළේය.
රත්නපුර ප්‍රදේශයේ පැවැති මැතිවරණ රැළියකට එක්වෙමින් ඔහු කියාසිටියේ, ලබන වසර තුළ පළාත් පාලන මැතිවරණයද පැවැත්වීමට රජය අපේක්ෂා කරන බවයි.
කඩාවැටුණු රට යළි නගාසිටුවීම සඳහා ජනාධිපති ධුරය, ශක්තිමත් අමාත්‍ය මණ්ඩලයක්, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇතුළත් ශක්තිමත් දේශපාලන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම වැදගත් බව ජනාධිපතිවරයා පැවැසීය.
“ජනාධිපති ධුරය, ශක්තිමත් ඇමැති මණ්ඩලයක්, පාර්ලිමේන්තුව, පළාත් සභා, නගර සභා, මහ නගර සභා, ප්‍රාදේශීය සභා ඇතුළු දේශපාලන යාන්ත්‍රණයක් පාලනයට අවශ්‍යයි. පළාත් සභා මැතිවරණය ලබන වසර තුළ පැවැත්වීමට අපි සැලසුම් කරනවා. ඒ වගේම නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණ පැවැත්වීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ” ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart