
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වලින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට ඖෂධ හිඟය හේතුවෙන් පෞද්ගලික ඔසුසල්වලින් මිලදී ගැනීමට ඇති බැවින් ඔවුහු දැඩි අපහසුතාවයකට පත්ව සිටියි.
ඒ අතරින් කොළඹ ජාතික රෝහලේ පවතින ඖෂධ හිඟය විශේෂයෙන් කැපීපෙනෙයි.
එබැවින් එම රෝහලට පැමිණෙන රෝගීන්ට අමතර වියදම් දරමින් පෞද්ගලික ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමට සිදුව ඇත.
මෙහි වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ දැඩි ආර්ථික අපහසුතා පවතින රෝගීන්ටයි.
ඖෂධ තොරතුරු ලබාගැනීමේ කළමනාකරණ පද්ධතිය වන ‘ස්වස්ථා’ට අනුව, ඩබල් ජේ ස්ටෙන්ට් 6Fr, සෙ.මී. 26 දිග, විවිධ ප්‍රමාණයේ යූරිටරික් ස්ටෙන්ට් ඇතුළු ළමා හා වැඩිහිටි රෝගීන් සඳහා ස්ටෙන්ට් වැනි තීරණාත්මක ද්‍රව්‍ය එලෙස හිග ඖෂධ අතර පවතින බව වාර්තා වෙයි.
එමෙන්ම Amoxicillin වැනි ඖෂධ ද හිඟව පවතී.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ජී. විජේසූරිය ද එම ඖෂධ වර්ගවල හිගයක් පවතින බව පිළිගෙන තිබේ.
එය පුනරාවර්තන ගැටලුවක් වුවද, හිඟයේ බලපෑම් අවම කර ගැනීමට විකල්ප ඖෂධ භාවිත කළ හැකි බව ඔහු පෙන්වාදී තිබේ.
මේ අතර රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව ඩේලි මිරර් පුවත්පත වෙත පවසා ඇත්තේ, මේ වනවිට ඇතැම් ඖෂධවල 20-30% අතර කැපී පෙනෙන හිඟයක් පවතින බවයි.
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය සෞඛ්‍ය ඇමැතිවරයාව සිටින සමයේදී අන්තර්ජාතික සංවිධාන විසින් වෙන් කරන ලද මුදල් අවභාවිත කිරීම වත්මන් ඖෂධ හිඟයට හේතු වී ඇති බව ඔහු පැවසීය.
එම හිඟයට පිළියම් යෙදීමට සහ වෛද්‍ය අවශ්‍යතා සඳහා රජයේ රෝහල් මත යැපෙන රෝගීන්ගේ දුෂ්කරතා මඟහරවා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඔහු ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart