
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලිය පළමු අදියර වටය අඩක් අවසන් වී ඇත.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් යාපනය කිංග්ස් පිල තරග 4කදී ලකුණු 6ක් ලබා ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් මහනුවර ෆැල්කන්ස් පිල තරග 4කදී ලකුණු 2ක් පමණක් ලබාගනිමින් අවසන් ස්ථානයේ පසුවේ.
අද දඹුල්ල ක්‍රීඩාංගණයේදී මහනුවර ෆැල්කන්ස් සහ යාපනය කිංග්ස් පිල අතර තරගයේදී යාපනය කිංග්ස් වෙනුවෙන් ඉනිම ආරම්භ කරමින් පැතුම් නිශ්ශංක විස්මිත ශතකයක් වාර්තා කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කිංග්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 224ක් රැස් කළ අතර, එහිදී නිශ්ශංක ලකුණු 119 (59) ලබාගත් අතර ඊට හතරේ පහර 16ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.
නිශ්ශංක ඔහුගේ ඉනිමෙන් වාර්තා කිහිපයක් බිඳදැමූ අතර, වඩාත්ම වැදගත් දෙය නම් ඔහු ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව බිඳහෙළීමයි.
ඔහු 2020 තරගාවලියේදී ලකුණු 108* (65) ක් තබා මෙම වාර්තාව තබා ඇති ලෝරි එවන්ස් පසුකර ගියේය.
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වැඩිම පෞද්ගලික ලකුණු ලැයිස්තුව මෙන්න.
1. 119 (59) – පැතුම් නිශ්ශංක
2. 108* (65) – ලෝරි එවන්ස්
3. 104* (63) – ටිම් සීෆර්ට්
4. 104 (59) – බාබර් අසාම්
5. 102* (67) – ඇන්ඩ්රු ෆ්ලෙචර්
6. 102* (52) – කුසල් පෙරේරා
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart