
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජගිරිය ප්‍රදේශයේදී 2016 වසරේදී තරුණයකු රිය අනතුරකට ලක්කර බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුළු අධිචෝදනා 4ක් යටතේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන සැප්තැම්බර් 30දා විභාගයට ගැනීමට දින නියම විය.
එම නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරු උපාලි අබේරත්න වෙනත් අධිකරණයකට පත්වීමක් ලැබීයෑම නිසා නඩුව වෙනත් දිනයක කැඳවීමට නියම විය.
2016 වසරේ පෙබරවාරි 28දා රජගිරිය ජනාධිපති විදුහල ආසන්න මංසන්ධියේදී අපරික්ෂාකාරී ලෙස ඩබ්ලිව්.පී.කේ.ටී.-7545 දරන සුඛෝපභෝගී රිය පදවා අනතුරක් සිදුකොට නොනවත්වා ධාවනය කිරීම සහ එම අනතුරෙන් සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයාට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවකට එරෙහිව නඩුව පවරා ඇත.
1951 අංක 14 දරන මොටර් රථවාහන ආඥා පනතේ 16 .1(1) සහ 161 (1), 214 යටතේ චෝදනා ගොනුකර තිබේ.
අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම, අධික වේගයෙන් රථ ධාවනය, නිසි සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් රිය ධාවනය නොකිරීම, මාර්ගය භාවිත කරන වෙනත් තැනැත්තන් ගැන සැලකිලිමත් නොවීම, රිය අනතුර පිළිබඳ තොරතුරු ආසන්න පොලීසියට දැනුම් නොදීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබේ.
රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම, එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු ඇමැති පාඨලී චම්පික රණවක, වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල, රියැදුරා ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර යන විත්තිකරුවන්ට එරෙහිව තවත් නඩුවක් පවරා ඇත.
විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න පෙනීසිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart