
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන වීසා ජාවාරම් නිසා ලංකාව බරපතළ අනතුරකට පත්ව සිටින බව අවධාරණය කරමින් එහි නිලධාරීන් පිරිසක් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
ගැටලුසහගත වීසා සහිත පිරිසක් පසුගිය සතියේ රට තුළට ගැනීමට නිලධාරීන් පිරිසක් බලපෑම් කළේ කෙසේද, දෙපාර්තමේන්තුවේ වීසා අංශයේ සේවය කරන පරිගණක අයදුම්පත් සහකාරවරුන් ඇතුළු කණ්ඩායම් එම ජාවාරම්වලට සහය දෙන්නේ කෙසේද යන කරුණු සාක්ෂි සහිතව මේ ලිපියට ඇතුළත් කර ඇතැයි ‘සිළුමිණ’ වාර්තා කරයි.
වරාය නගර ව්‍යාපෘතියේ BPO (Business Process Outsourcing) සමාගම්වල පාරිභෝගික සේවා නිලධාරීන්, දුරකතන සහායකයන්, අලෙවි නිලධාරීන් ලෙස සේවය කරන මුවාවෙන් මෙසේ ව්‍යාජ වීසා සහිත පිරිසක් රට තුළට පැමිණීම වේගවත් වී ඇති බවත්, මීට පෙර අග්නිදිග ආසියානු රටවල පරිගණක මූල්‍ය වංචා සමාගම් මෙහෙයවූ සහ එම සමාගම්වල සේවය කළ පිරිස් ව්‍යාපාරික වීසා (Business Visa), රටට ඇතුළුවීමේ වීසා (Entry Visa) සහ වාස වීසා (Residence Visa) ලබාගෙන මෙරටට පැමිණෙන බවත් එහි දැක්වේ.
පිලිපීනය වැනි රටවල මේ සමාගම් අසාධු ලේඛනගත කර ඇති බවත් පෙන්වා දෙන එම නිලධාරීන්, මේ සමාම් මගින් මුදල් විශුද්ධිකරණය බරපතළ ලෙස සිදුවීමේ අවදානමක් ඇති බව ද අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart