
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ අසමසම සලකුණක් වූ ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද නන්දා මාලිනියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුව අද (21) විනාඩියක නිශ්ශබ්දතාවක් සුරකින ලදී.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් අද උදෑසන පාර්ලිමේන්තු සභාවාරයේදී කරන ලද යෝජනාවකට අනුව මෙම ගෞරව දැක්වීම සිදුකෙරිණි.
නාවල පිහිටි ඇගේ නිවසේදී ඇය අභාවප්‍රාප්ත වන විට ඇය 82 වන වියේ පසුවූවාය.
1943 අගෝස්තු 23 වැනිදා උපත ලැබූ ඇය, දශක හතකට ආසන්න කාලයක් පුරා සිංහල සංගීත ක්ෂේත්රය පෝෂණය කරමින් ජනප්‍රියත්වයේ අගමුඩියටම පැමිණි ගායිකාවකි.
නන්දා මාලිනියගේ දේහය පිළිබඳ මහජන ගෞරව දැක්වීම සඳහා අද උදෑසන 10.00 සිට නාවල, විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසේ තැන්පත් කර තැබේ.
සෙනසුරාදා පස්වරු 3.30ට ආගමික වතාවත්වලින් අනතුරුව ඇගේ අවසන් කැමැත්තට අනුව, කිසිදු උත්සවාකාර අවමංගල්‍ය උළෙලකින් තොරව සෙනසුරාදා පස්වරු 5.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී ආදාහන කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart