
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් පසුගියදා නිකුත් කරන ලද වීඩියෝ පටයේ එල්ල කෙරෙන චෝදනා පිළිබඳව සිදුකෙරෙන විමර්ශනයේ ස්වභාවය ගැන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ අද ප්‍රකාශ කළේය.
“පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් විගස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් යෝජනා කළා. නමුත් මේ සම්බන්ධයෙන් ඔහුට කිසිදු පාර්ශවයකින් යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැහැ. ඒ නිසා පරීක්ෂණයේ ස්වභාවය තීරණය කිරීම පාර්ලිමේන්තුවට බාරයි,” යනුවෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ ඇමැතිවරයා පැවැසීය.
“පාස්කු ඉරිදා ප්‍රහාරයට සති 29කට පෙර මම ශ්‍රී ලංකාවේ අන්තවාදී ප්‍රහාරයක් ගැන අනාවැකි පළකළා. එම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් මට දැඩි විවේචන එල්ල වුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයට මුළු රටම ගොදුරු වූයේ නොසැලකිලිමත්කමේ ප්‍රතිඵලයක් ලෙසයි” ඔහු වැඩිදුරටත් පැවැසීය.
බන්ධනාගාරගතව සිටි ටීඑම්වීපී නායක සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් නිදහස් කිරීමේදී බලපෑමක් සිදුව ඇති බවට චෝදනා කරමින්, ඊයේ පාර්ලිමේන්තුව තුළ හඬපටයක් ප්‍රචාරය කළ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම්ගේ ප්‍රකාශයක් පිළිබඳව ඇමතිවරයා එහිදී සඳහන් කළේය.
රසමානිකම් මන්ත්‍රීවරයා කියාසිටියේ එම හඬ පටය තමාට ලබාදුන්නේ චැනල් 4 නාලිකාව හරහා රහස් හෙළි කරන්නා ලෙස හඳුනාගත් අසාත් මව්ලානා විසින් බවයි.
“මවුලානා දුන් තවත් ක්ලිප් සහ තොරතුරු රාසමානික්කම් මන්ත්‍රීවරයා සතුව ඇති බව පෙනෙන්නට තිබෙනවා. එහෙනම් ඔහු ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි” යැයිද ඇමැතිවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart