
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ යනුවෙන් යෙදීම තාක්ෂණික දෝෂයක් බව පාර්ලිමේන්තුව කරුණු පැහැදිලි කරමින් සඳහන් කර ඇත.
අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ යනුවෙන් යොදා, පසුව එය ඉවත්කළ බවට ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තාවූ අතර, එම තත්වය ආන්දෝලනයකට තුඩුදී ඇත.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන පාර්ලිමේන්තුව පවසන්නේ, අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ජීව දත්තවල ‘ආචාර්ය’ යන්න ඇතුළත් කර නොතිබූ අතර, දැන් ගැටළුව නිවැරදි කර ඇති බවයි.
මේ හා සමාන දෝෂ වැළැක්වීම සඳහා සියලුම මන්ත්‍රීවරුන්ගේ තොරතුරු සමාලෝචනය කරන බව ද පාර්ලිමේන්තුව නිවේදනය කරයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart