
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 40 කින් පමණ ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය විශාල වශයෙන් ජරාවාස වෙමින් පවතී.
එහි වහලය දිරාපත් වෙමින් තිබෙන අතර බොහෝ ස්ථානවලින් ජලය කාන්දු වෙන බව පාර්ලිමේන්තු නිලධාහු පෙන්වාදෙති.
එසේම වැහි පීලි රැසක්ද දිරා ගොස් ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ජයන්තිපුර පොලිස් පරික්ෂා මුරපොළේ වහලයේ කොටසක්ද පසුගියදා හදිසියේම කඩා වැටුණේය.
කාලයකින් ප්‍රතිසංස්කරණය නොකිරීම ඊට හේතුව බව පැවසේ.
පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණයේ පුළුල් ප්‍රතිසංස්කරණයක් වසර හතළිහකින් පමණ සිදුවී නැතැයි නිලධාරීහු පවසති.
පාර්ලිමේන්තු සභාගර්භයේ බොහෝ උපකරණද පාවිච්චි කළ නොහැකි මට්ටමට පැමිණ ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීරගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ දීර්ඝ කාලයකින් ප්‍රතිසංස්කරණය නොකෙරුණු පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ සඳහා අයවැයෙන් යම් මුදල් ප්‍රමාණයක් වෙන්වී ඇති බවද ඇය සඳහන් කළාය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart