
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් පසුගියදා විකාශය කළ වීඩියෝ දර්ශන මගින් එල්ල වී ඇති චෝදනා විමර්ශනය සඳහා තේරීම් කාරක සභාවක් පත්කිරීමට ඉදිරිපත් වූ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඒකමතිකව අද අනුමත විය.
අදාළ යෝජනාව ඉදිරිපත්කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20දෙනකු විසිනි.
එම යෝජනාවේ දැක්වෙන්නේ චැනල් 4 නාලිකාවෙන් එල්ල කර ඇති චෝදනා මගින් පෙන්වා පරිදි, මෙරට කුමන හෝ දේශපාලකයකු කිසියම් ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධකම් පවත්වා ඇත්ද , හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පවසන පරිදි කිසියම් කුමන්ත්‍රණයක් සිදුවී තිබේද යන්න හෝ පූර්ව අනතුරු ඇඟවීම් නොතකා ප්‍රහාරය වැළක්වීමට අදාළ කිසියම් අඩුපාඩුවක් සිදුව ඇත්ද යන්න හෝ තේරීම් කාරක සභාව විසින් විමර්ශනය කළ යුතු බවය.
කතානායකවරයා විසින් කමිටුවේ සභාපතිවරයා සහ සාමාජිකයන් පත්කරනු ලබන අතර, එහි වාර්තාව මාස දෙකක් ඇතුළත ඉදිරිපත් කළ යුතු වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී යෝජනා කළේ සමගි ජන බලවේගයට කමිටුව සඳහා සභාපතිවරයකු පත්කිරීමට අවසර දෙන ලෙස සහ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමාන සංඛ්‍යාවක් එම කමිටුව නියෝජනය කළයුතු බවයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නැවත විමර්ශනයක් සිදු වුවහොත් පාස්කු ඉරිදා වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම සඳහා ජාතික කතෝලික කමිටුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ද එහිදී අවධානයට ගතයුතු වේ.
කෙසේවෙතත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පෙරේරා සහ කවින්ද ජයවර්ධන මෙහිදී කියාසිටියේ තේරීම් කාරක සභාවට තමන් සම්පුර්ණයෙන්ම විරුද්ධ වන අතර එයට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart