
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැවැන්ත පිපිරීමකින් ප්‍රංශයේ පැරිස් නුවර සලිත වී ඇත.
බදාදා(21) පස්වරුවේ සිදුවූ මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 24 දෙනකුට තුවාල සිදුවී ඇති අතර, ගින්නක් ඇවිළීමෙන් ප්‍රංශ අගනුවර වැසීයන ආකාරයෙන් දුමාරයක් පැතිරුණු බව ආරක්ෂක අංශ පවසයි.
ගෑස් කාන්දුවක් පිපිරුමට හේතුවී ඇති බවට පොලිසිය සැකකරයි.
පිපිරීමෙන් ගොඩනැගිල්ලක මුහුණත කඩා වැටී ඇති අතර, එහි සිරවී සිටිය හැකි පුද්ගලයන් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකරන බව නිලධාරීහු පවසති.
ප්‍රංශ අගනුවර වඩාත් ඉහළ මධ්‍යම පාන්තිකයන් වාසය කරන ප්‍රදේශයක පිහිටි ඓතිහාසික වැල් ඩි ග්‍රේස් හමුදා රෝහල අසල මෙම පිපිරීම සිදුව තිබේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් 270 ක් පමණ සම්බන්ධ වී ඇති අතර හදිසි රථ 70 ක් එම ස්ථානයට යවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart