
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් ආණ්ඩු බලය මෙහෙයවන ජාතික ජනබලවේගය බලයට පැමිණියේ පරාටේ නීතිය අහෝසි කරන බවට පොරොන්දු ලබා දී බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එහෙත් සිදුව ඇත්තේ ජනතාව බලාපොරොත්තු තැබුවාට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් බව මන්ත්‍රීවරයා පැවසුවේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විශාල ලෙස වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා සිය ඡන්දය භාවිත කළ නමුත් මේවනවිට ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වී ඇති බව එම පිරිස් විසින්ම පවසා සිටින බවයි.
එමෙන්ම මෙවැනි ක්‍රියාපටිපාටි ආසියානු කලාපයේ අනෙකුත් රටවල ද ක්‍රියාත්මක වුවත්, එම රටවල බැංකු මෙවැනි දැඩි නීති රීති අනුගමනය නොකරන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ මේ මොහොතේ සිදුකළ යුතු වන්නේ එවැනි දැඩි නීති රීතිවලින් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ආරක්ෂා කිරීම බවයි.
එහෙත් වර්තමානයේ පවතින ලිහිල් ප්‍රතිපත්ති වල්බූරු නිදහසක් සේ භාවිත කරන පිරිසක් ද රට තුළ සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඔහු ප්‍රකාශ කළේ එවැනි පුද්ගලයින්ට කිසිඳු සමාවක් ලබා නොදිය යුතු බව සහ ආර්ථිකය කඩා වැටුණේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ වරදින් නොවන බැවින් ඔවුන්ට පීඩනයක් එල්ල නොකළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart