
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු එංගලන්ත දඟපන්දු යවන ක්‍රීඩක මොන්ටි පනේසාර් මීළඟ මහ මැතිවරණයේදී ජෝර්ජ් ගැලෝවේගේ වර්කර්ස් පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වෙයි.
මොන්ටි පනේසාර් ලූටන්හි ඉපිද එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 50කට ක්‍රීඩා කර කඩුලු 167ක් දවාගෙන ඇත.
“මට අවශ්‍ය වන්නේ මේ රටේ කම්කරුවන් වෙනුවෙන් හඬක් නැගීමටයි,” යනුවෙන් පනේසාර් පවසා තිබේ.
“දේශපාලනයේ මගේ අභිලාෂය වන්නේ කෙදිනක හෝ අගමැති ධුරයට පත්වීමයි. එහිදී මම බ්‍රිතාන්‍යය වඩාත් සුරක්ෂිත සහ ශක්තිමත් ජාතියක් බවට පත්කරමි. නමුත් අත ඇති පළමු කාර්යය වන්නේ ඊලිං සවුත්හෝල්හි ජනතාව නියෝජනය කිරීමයි.” යනුවෙන් ද ඔහු පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart