
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගම්පහ උද්භිත උද්‍යානයේ නැවත සිටුවන ලද පඬුකරඳ ගසට පිරිත් පැන් ඉසීමට භික්ෂූන්වහන්සේ පිරිසක් කටයුතු කර ඇත.
ඇමැති බන්දුල ගුණවර්ධනගේ නියෝගයක් මත ගලවා කපා වලදමන ලද පඬුකරඳ ගස පසුව අධිකරණ නියෝගයක් මත ගොඩගනු ලැබීය.
ගම්පහ දාරළුව ප්‍රදේශයේ දී හමු වූ ලෝකයෙන් වඳ වීමේ තර්ජනයට ලක්වූ බවට ප්‍රකාශයට පත්කර තිබූ පඬුකරද ශාකය මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට බාධාවක් බව පවසමින් එම ස්ථානයෙන් ගලවා ඊට මීටර් 200 ක පමණ දුරින් වලදමා තිබියදී හමුවිය.
පසුව, පසුගිය මාසයේ 28 වන දින ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයක් එම ශාඛය නැවත ගොඩගෙන ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ සිටවනු ලැබීය.
පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරිය සමිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය එම පඬුකරද ශාකය සිටුවා ඇති ස්ථානයට ගොස් පිරිත් සජ්ජායනා කිරීමෙන් අනතුරුව පිරිත් පැන් ඉසීමට කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart