
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිපතිවරිය ලෙස නම්කර ඇති පෑම් බොන්ඩි වරක් සුනඛයකු සොරකම් කිරීමක් සම්බන්ධයෙන් තීතිමය ආරවුලක පැටළී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව බොන්ඩි 2005 දී අමෙරිකාවට බලපෑ කැත්‍රිනා සුළි කුණාටුව අතරතුර ලුසියානා ප්‍රාන්තයේ විසූ ස්ටීව් සහ ඩොරීන් කෝචර් නමැති යුවළකගේ නිවසේ සිටි ටැංකි නම් සුනඛයෙකු සොරකම් කළ බවට නීතිමට ගැටළුවක් පැවැති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.
එම වාර්තා අනාවරණ කරන ආකාරයට සුළි කුණාටුව අතරතුර සුනඛයා භාරකරුවන්ගෙන් වෙන් වී ඇති අතර පසුව ෆ්ලොරිඩාවේ පිනෙලස් හියුමන්ටි ආයතනය වෙත රැගෙන විත් තිබේ.
එහිදී සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින සුප්‍රකට චරිතයක් වූ බොන්ඩි එම සුනඛයාව හදාවඩා ගෙන ඌට නෝවා ලෙස නම් තබා ඇතැයි සඳහන් වේ.
එහෙත් 2006 වසරේදී සුනඛයාගේ මුල් අයිතිකරුවන් ඌව යළි සොයාගත් විට බොන්ඩි සමග මතභේදයක් හටගෙන තිබේ.
එහිදී බොන්ඩි පවසා ඇත්තේ ඇය සුනඛයාව සොයා ගත්තේ ඌව නොසලකා හැර සිටි අවස්ථාවක බවයි.
සුනඛයා සොයාගන්නා විටත් ඌගේ සෞඛ්‍යයට දැඩි ලෙස බලපෑ හෘද පණුවන් වැනි වෛද්‍ය ගැටලු උපුටා දක්වමින් බොන්ඩි හිමිකරුවන් විසින් සත්ත්වයාව බරපතල ලෙස නොසලකා හැර ඇති බවට තර්ක කර තිබේ.
”ඌ හෘද පණුවන් නිසා මියයමින් සිටියා. ඔවුන් ඔහුගේ හදවත පුරවා තිබුණා, මම ඇවිදින ඇටසැකිල්ලක් වූ බල්ලෙක් ගත්තා. සුළි කුණාටුවට පෙර ඔහුට සිදු වූ වරද එයයි.” ඇය එහිදී පවසා තිබේ.
එහෙත් මුල් හිමිකරුවන් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර සුනඛයාව ආපසු ඉල්ලා තිබේ.
මෙම ආරවුල නීතිමය සටනක් දක්වා වර්ධනය වූ අතර එය මාස 16ක් පැවතුනේ රටේ ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙමිනි.
නඩුව අවසානයේ විභාගයට පෙර සමථයකට පත්විය.
ගිවිසුමේ විස්තර රහසිගතව පැවැතිණි.
බොන්ඩි අවසානයේ ආහාර සහ ඖෂධ සැපයුම් සමඟ භාරකරුවන් වෙත සුනඛයා ආපසු ලබාදුන්නාය.
කෙසේවෙතත් ඔවුන්ගේ සම්බන්ධතා ඉන් පසුව පළුදු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart