
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායල පදිංචිකරුවන් සහ පලස්තීනුවන් අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පලස්තීන ඔස්කාර් සම්මානලාභියකු ඊශ්‍රායල හමුදාව විසින් බටහිර ඉවුරේ රඳවාගෙන ඇති බව පලස්තීනය චෝදනා කරයි.
යුදෙව් ඇමරිකානු ක්‍රියාකාරීන්ට අනුව, බටහිර ඉවුරේ සුසියා ගම්මානයට ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේදී, ”No Other Land” හි සම අධ්‍යක්ෂකවරුන් හතරදෙනාගෙන් කෙනෙකු වූ හම්දාන් බල්ලාල්ගේ නිවස හමුදාව විසින් වටළා ඇත.
සමඅධ්‍යක්ෂ යුවල් ඒබ්‍රහම් ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, ගිලන් රථයක සිටියදී බල්ලාල්ට සොල්දාදුවන් විසින් පහර දී රැගෙන ගොස් ඇති බවයි.
එහෙත් ඊශ්‍රායලය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
බල්ලාල්ගේ නම සඳහන් නොකර ඊශ්‍රායල ආරක්ෂක හමුදාව කියාසිටියේ ආරක්ෂක අංශ වෙත ගල් ප්‍රහාර එල්ල කළ බවට සැකකෙරෙන පලස්තීන ජාතිකයන් තිදෙනෙකු සහ ඊශ්‍රායල ජාතිකයකු රඳවාගෙන සිටින බවයි.
ඉකුත් දා බල්ලාල් සමග ඔස්කාර් සම්මානය දිනාගත් ඊශ්‍රායල අධ්‍යක්ෂක යුවාල් ඒබ්‍රහම් පැවසුවේ, ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගම්මානයේ පුද්ගලයන් කිහිපදෙනකු තුවාල ලබා දේපළ ද විනාශ වී ඇති බවයි.
97 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම වාර්තා චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ No Other Land – ගම් 20ක පමණ ප්‍රජාවක් වන Masafer Yatta සහ Adra සහ Abraham අතර මිත්‍රත්වය පිළිබඳ දිගහැරෙන කතාමාලාවකි.
ඊශ්‍රායලය 1967 සිට බටහිර ඉවුර අල්ලාගෙන සිටියි. ඊශ්‍රායලය එහි අයිතිය සම්බන්ධයෙන් විවාද කළද, භූමිය තුළ ඊශ්‍රායල ජනාවාස අන්තර්ජාතික නීතිය යටතේ නීතිවිරෝධී ලෙස සලකනු ලැබේ.
ඒ අනුව බටහිර ඉවුර පසුගිය වසර 55 තුළ ප්‍රචණ්ඩත්වයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇති අතර, ඊශ්‍රායලය සහ පලස්තීනය ඉඩම් පිළිබඳ පරස්පර හිමිකම් ප්‍රකාශ කරමින් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart