
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථික පීඩනය, දේශගුණික අභියෝග සහ මානුෂීය ආධාර ලැබීම අඩාල වීම හේතුවෙන් දැඩි වෙමින් පවතින ගෝලීය ආහාර අර්බුදයේ වැඩිම බලපෑමට ලක්වූ රටවල් දහය අතරට පාකිස්තානය ද එක්ව සිටින බව ‘Action Against Hunger’ නැමැති ජාත්යන්තර සංවිධානය පෙන්වා දෙයි.
ලෝක ආහාර දිනයට සමගාමීව එළිදැක්වූ මෙම වාර්තාවට අනුව, ලොව පුරා රටවල් සහ ප්රදේශ 47ක ජනතාව මිලියන 266ක් උග්ර ආහාර හිඟයකින් පෙළෙති.
මෙය මීට වසර දහයකට පෙර වාර්තා වූ සංඛ්යාව මෙන් දෙගුණයකි. ඉන් මිලියන 177ක්, එනම් තුනෙන් දෙකක පිරිසක් වෙසෙන්නේ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, නයිජීරියාව, කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය, සුඩානය, යේමනය, මියන්මාරය, දකුණු සුඩානය සහ සිරියාව යන රටවල් 10 තුළය.
පාකිස්තානය මෙම ලැයිස්තුවට ඇතුළත්ව තිබෙන්නේ ජනගහනයේ ප්රතිශතයක් ලෙස නොව, ආහාර හිඟයෙන් බැටකන සමස්ත ජන සංඛ්යාව විශාල අගයක් ගන්නා බැවිනි.
දේශගුණික විපර්යාසවලට පහසුවෙන් ගොදුරු වන පාකිස්තානයේ ග්රාමීය කලාප 51ක ජනයා මිලියන 10.6ක් උග්ර ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දී සිටින බව මෙම වාර්තාවේ සඳහන් වේ.
පාකිස්තාන සංඛ්යාලේඛන කාර්යාංශයේ දත්ත සනාථ කරන්නේ 2018–19 කාලයේ 15.92%ක්ව පැවැති මධ්යම හෝ දැඩි ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන පවුල් ප්රමාණය 2024–25 වන විට 24.35% දක්වා 8.43%කින් ඉහළ ගොස් ඇති බවයි.
මෙයින් පෙනී යන්නේ වර්තමානයේ පාකිස්තානයේ සෑම පවුල් හතරකින් එකකටම ප්රමාණවත් පරිදි ආහාර ලබාගැනීමට නොහැකි වී ඇති බවයි.
එමෙන්ම, ඉතා දැඩි ලෙස ආහාර හිඟයෙන් පෙළෙන පවුල් අනුපාතය 2.37% සිට 5.04% දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ. ඒ අනුව සෑම පවුල් 20කින් එකක්ම පසුවන්නේ ඉතා අවදානම් සහගත තත්ත්වයකය. ජාත්යන්තර මානුෂීය සංවිධානයේ උග්ර කුසගින්න පිළිබඳ තක්සේරුවට වඩා, ජනතාව ආහාර සපයා ගැනීමේදී මුහුණ දෙන මෙකී පොදු අභියෝගයන් පිළිබඳව මෙම ගෘහස්ථ සමීක්ෂණ දත්ත මගින් පුළුල්ව අනාවරණය කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart