February 12, 2024

හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ Tehreek-e-Insaf (PTI) පක්ෂය සහ එහි අනුබද්ධ පක්ෂ පාකිස්ථානයේ මහමැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගෙන ඇති බව එරට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත.

සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන්ගේ PTI පක්ෂයට සම්බන්ධ ස්වාධීන අපේක්ෂකයන් රැසක් පෙබරවාරි 8 වන දින පැවති ඡන්ද විමසීමේදී ජාතික සභා ආසන 265 න් බහුතරයක් ජයග්‍රහණය කර ඇති බවත්, ඔවුන් ලබාගෙන ඇති ආසන ගණන 97ක් බවත් මැතිවරණ කොමිසම පවසයි.

මෙවර පාකිස්ථාන මහමැතිවරණය පවත්වන ලද්දේ පාලක පක්ෂය විසින් දැඩි සමාජ මාධ්‍ය මර්දනයක් ක්‍රියාත්මක කර ඉම්රාන් ඛාන් සිරගත කර තිබූ පරිසරයක වුවද, විපක්ෂ කණ්ඩායමේ ජයග්‍රහණය වැලැක්වීමට නොහැකි විය.

කෙසේ වෙතත්, කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබීම සහ බොහෝ තරඟකරුවන් ඡන්දය විකෘති කළ බවට ප්‍රකාශ කිරීම හේතුවෙන්, පකිස්ථානයේ දේශපාලන අනාගතය ඉතා අවිනිශ්චිත තත්වයක පවතී.

ඉම්රාන් ඛාන්ගේ ප්‍රතිවාදියා වූ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන මුස්ලිම් ලීගය (PMLN ) විසින් PTI සන්ධානයට වඩා පසුපසින් ආසන 76ක් ලබාගෙන පසුවෙයි.

මේ අතර පාකිස්ථාන මහජන පක්ෂයද (PPP) ආසන 54ක් දිනාගෙන ඇති අතර එය රජුන් තනන්නන් ලෙස වෙනත් කණ්ඩායමක් සමග සන්ධානගත වීමේ සූදානමින් පසුවන බව වාර්තා සඳහන් කරයි.