
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 පාකිස්තාන සුපර් ලීග් (PSL) තරඟාවලිය අතරතුර බාබර් අසාම් (Babar Azam)ගේ ආත්මාර්ථකාමී තරඟ ප්‍රවේශය පිළිබඳව පෙන්වා දීම හේතුවෙන් පාකිස්තානයේ රැඳී සිටි කාල සීමාවේ දී තමාට දැඩි මානසික වධ හිංසයනයන්ට ලක් වීමට සිදු වූ බව හිටපු නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක හා විස්තර විචාරකයකු වන සයිමන් ඩූල් (Simon Doull) පවසා තිබෙනවා.
‘පාකිස්තානයේ ජීවත් වෙනවා කියන්නේ හිර ගෙදරක ජීවත් වෙනවා වගේ වැඩක්. අසාම්ගේ රසිකයන් මා එනතුරු බලා සිටි නිසා මට එළියට යන්න දුන්නේ නැහැ. ඒ වගේම මම දින ගණනාවක් ආහාර නොමැතිව පාකිස්තානයේ රැඳී සිටියා. මානසික වධ හිංසාවලට ලක් වුණත් දෙවියන්ගේ පිහිටෙන් මම කොහොම හරි එහෙන් පැන ගත්තා’යැයි 53 හැවිරිදි ඩූල් Geo Tv වෙත පවසා තිබෙනවා.
ඩූල් විසින් PSL අතරතුර ක්වෙටා ග්ලැඩියේටර්ස් සමඟ පෙෂාවර් සල්මිගේ තරගයේදී බාබර් අසාම්ගේ ආත්මාර්ථකාමී පිතිකරණ ප්‍රවේශය ප්‍රශ්න කිරීම අසාම් රසිකයන් කෝපයට පත් කළ අතර එරට සමාජ මාධ්‍ය ඔස්සේ ඩූල්ට එරෙහිව විශාල විරෝධයක් ඇති වීමට තුඩු දී තිබුණා.
සල්මි කණ්ඩායමේ නායකයා ලෙස අසාම් පන්දු 46කදී ලකුණු 83කට ළඟා වෙමින් සිටි අතර, ඔහු සිය ශතකය සම්පූර්ණ කිරීමට තවත් පන්දු 14ක් වැය කිරීම ඩූල් විසින් විවේචනය කළේ හතරේ පහර එල්ල කිරීමට බලා සිටීමත් වාර්තා හඹා යාම ගැන කල්පනා කිරීමත් කණ්ඩායමේ සාර්ථකත්වයට අහිතකර බව පවසමිනි.
“ශතකයන් දීප්තිමත්, සංඛ්‍යාලේඛන විශිෂ්ටයි, නමුත් පළමුව කණ්ඩායම විය යුතු” යැයි පැවසූ ඩූල් වැඩිදුරටත් කියා සිටියේ අසාම් කණ්ඩායමට වඩා ඔහුගේ පුද්ගලික සන්ධිස්ථාන ඉදිරියෙන් තැබූ බවයි.
ඩූල් මෑතකදී ,2023 ඉන්දීය ප්‍රිමිය ලීග් (IPL) අතරතුර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සුපිරි තරුව විරාත් කෝලි ද මේ ආකාරයෙන්ම විවේචනය කරනු ලැබුවා.
මේ අතර PSL අතරතුර ඉස්ලාමාබාද් යුනයිටඩ් සහ මුල්තාන් සුල්තාන්ස් තරඟය අතරතුර දී තවත් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයකු වන හසන් අලිගේ බිරිඳ සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස් දැක්වීමක් ද එරට සමාජ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත් වූ ආකාරය දකින්නට ලැබුණා.
ඊට හේතුවුණේ PSL තරඟාවලියේ මුල්තාන් පරදා ඉස්ලාමාබාද් කණ්ඩායම ත්‍රාසජනක ජයක් වාර්තා කළ අවස්ථාවේ ජයග්‍රාහී කණ්ඩායම ඔවුන්ගේ ජයග්‍රහණය සමරමින් සිටියදී කැමරාව හසන් අලිගේ බිරිඳ සමියා අර්සූ වෙත නාභිගත කළ මොහොතේ “ඔව් දැනටමත් ඇය හදවත් කිහිපයක් දිනාගෙන තිබෙනවා යැයි විස්තර විචාරයේ සිටි ඩූල් කළ හාස්‍යජනක ප්‍රකාශයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart