
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනවාරි වනවිට පාකිස්ථාන අන්තර්ජාතික ගුවන් සේවය පෞද්ගලික අංශයට පැවරීම අසාර්ථක වී තිබේ.
පෞද්ගලිකකරණය කොමිසමට ණය ආපසු ගෙවීම සහ නීතිමය කරුණු සම්බන්ධ ගැටළු විසඳීමට නොහැකිවීම මේ සදහා හේතු වී තිබේ.
පාකිස්ථාන අන්තර්ජාතික ගුවන් සේවය විසින් රජයේ ඇපකර මත වාණිජ බැංකුවලින් පාකිස්ථාන රුපියල් බිලියන 270කට වඩා ණය ලබාගෙන ඇත.
ගුවන් සේවය වෙත ණයදීමට සම්බන්ධ වාණිජ බැංකු ලෙස, ජාතික බැංකුව, පන්ජාබ් බැංකුව හා තවත් වාණිජ බැංකු අටක් ඇතුළත් වේ.
ගුවන් සමාගම මුහුණදෙන මූල්‍ය අපහසුතා හේතුවෙන්, එහි සේවකයන් 7,000කට නොවැම්බර් මාසයේ වැටුප් ගෙවීම සිදුකර නොමැති බව එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කර තිබේ.
එම පාඩුව අවම කරගැනීමට පියවරක් ලෙස, එහි මූල්‍ය කටයුතු පෞද්ගලිකකරණ කොමිෂන් සභාව වෙත පැවරීමට තීරණය කර ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart