
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ක පමණ බාහිර ණය ප්‍රතිපූරණය කිරීමට සිදු වීම, ආයෝජක විශ්වාසය බිඳ වැටීම සහ විදේශ සෘජු ආයෝජන පහත වැටීම හේතුවෙන් පකිස්ථානය දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තාවක් පෙන්වා දෙයි.
‘ටයිම්ස් ඔෆ් ඕමාන්’ පුවත්පතේ වාර්තාවකට අනුව, 2025/26 මූල්‍ය වර්ෂයේදී පකිස්ථානයේ විදේශ සෘජු ආයෝජන සියයට 33කින් (ඩොලර් බිලියන 1.195 දක්වා) පහත වැටී ඇත.
මෙය 2023-24 වසරේ වාර්තා වූ ඩොලර් බිලියන 1.92 සහ 2024-25 වසරේ වාර්තා වූ ඩොලර් බිලියන 1.83ක අගයන්ගෙන් පසු දිගින් දිගටම සිදුවන පහත වැටීමකි.
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස විදේශ සෘජු ආයෝජන පවතින්නේ සියයට 0.45කට වඩා අඩු මට්ටමකය.
ඉස්ලාමාබාද් බලධාරීන් විවිධ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගත්තද, ආයෝජකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම අවදානමක පවතී.
“ආර්ථිකය කෙරෙහි ඇති විශ්වාසය පළුදු වීම, මෑත වසරවලදී බහුජාතික සමාගම් කිහිපයක් රටින් ඉවත් වීම සහ ව්‍යාපාර සීමා කිරීම මඟින් පැහැදිලිව පෙනෙන්නට තිබේ,” යැයි එම වාර්තාවේ සඳහන් වේ.
පකිස්ථානය තුළ තම නිෂ්පාදන කටයුතු නවතා දැමීමට Procter & Gamble සමාගම ගත් තීරණය මෙන්ම Shell, Telenor, Uber, Yamaha, Eni සහ ඇතැම් විදේශීය බැංකු සහ ඖෂධ නිෂ්පාදන සමාගම් සිය ව්‍යාපාරික කටයුතු සීමා කිරීමට හෝ සම්පූර්ණයෙන්ම වසා දැමීමට ගෙන ඇති තීරණ ද මෙම වාර්තාව මඟින් පෙන්වා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart