
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී ගීර්ට් විල්ඩර්ස් ඝාතනය කිරීමට පෙළඹවීම සම්බන්ධයෙන් පාකිස්ථානයේ හිටපු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩක කාලිඩ් ලතීෆ්ට නෙදර්ලන්ත අධිකරණයක් අද වසර 12ක සිරදඬුවමක් නියම කළේය.
කෙසේවෙතත් ලතීෆ් නෙදර්ලන්තයේ වාසය නොකරන බැවින් ඔහුට එරෙහිව දඬුවම ක්‍රියාත්මක කළ නොහැකිය.
මොහොමඩ් නබිතුමා සම්බන්ධ කාටූන් තරගයක් සංවිධානය කළ අදාළ නෙදර්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අන්තර්ජාලයේ වීඩියෝවක් හරහා 37 හැවිරිදි ලතීෆ් ජිවිත තර්ජන එල්ල කර තිබේ.
ලතීෆ් එම වීඩියෝවෙන් පවසා ඇත්තේ මන්ත්‍රී ගීර්ට් විල්ඩර්ස් ඝාතනය කරන අයකුට යුරෝ 21,000 (ඩොලර් 22,500) ක ත්‍යාගයක් ලබාදෙන බවයි.
මෙම වීඩියෝව නිසා මන්ත්‍රී ගීර්ට් විල්ඩර්ස්ට එරෙහිව විරෝධතා රැල්ලක් නිර්මාණය විය.
මෙම නඩුව සම්බන්ධයෙන් ලතීෆ්ගෙන් ප්‍රශ්න කිරීමට නෙදර්ලන්ත බලධාරීන් නිෂ්ඵල ලෙස උත්සාහ කර ඇති අතර පාකිස්ථානයෙන් නීති ආධාර ඉල්ලා සිටියද ඵලක් නොවීය.
“කාලිඩ් ලතීෆ් පාකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන නෙදර්ලන්තයට පිටුවහල් කරන ලෙස සහතික කරන ලෙස මම අගමැතිගෙන් ඉල්ලා සිටිමි,” යැයි නඩු තීන්දුව ලබාදුන් නෙදර්ලන්ත විනිසුරුවරයා සඳහන් කර ඇත.
විනිසුරු වර්බීක් පැවසුවේ ලතීෆ්ගේ වීඩියෝව පෞද්ගලිකව එල්ල කළ ප්‍රහාරයක් පමණක් නොව නෙදර්ලන්තයේ නිදහස් භාෂණ සංකල්පයට ද එල්ල කළ ප්‍රහාරයක් බවයි.
ලතීෆ්ගේ වීඩියෝව නිසා පාකිස්ථානයේ විරෝධතා පැනනැගී මන්ත්‍රීවරයාට මරණ තර්ජන එල්ල වීමත් සමඟ කාටූන් තරඟය අවලංගු කෙරිණි.
මෙම තර්ජන හේතුවෙන් ඔහු 2004 සිට පැය 24 පුරා රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටී.
ලතීෆ් පාකිස්ථානය වෙනුවෙන් එක්දින අන්තර්ජාතික තරඟ 05ක් සහ විස්සයි 20 අන්තර්ජාතික තරඟ 13 ක් ක්‍රීඩා කර ඇති නමුත්, 2017 දී ඩුබායි හි පැවැති පාකිස්ථාන සුපර් ලීග් තරඟයකදී තරග පාවාදීමක් හේතුවෙන් වසර පහකට ක්‍රිකට් තහනම් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart