
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය මාස පහක කාලය තුළ පකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට මුදල් නොගෙවූ බවට හිටපු පාකිස්ථාන ක්‍රිකට් නායකයකු වන රෂීඩ් ලතීෆ් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට චෝදනා කර ඇත.
එම මණ්ඩලයේ සභාපති සකා අෂ්රෆ් ඇතුළු නිලධාරීන් වත්මන් පාකිස්ථාන ක්‍රිකට් නායක බාබර් අසාම් වැටුප් ගැන සඳහන් කරමින් යොමුකර ඇති කෙටි පණිවිඩ නොසළකා හැර ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.
තරඟ 06 කදී පරාජයන් හතරක් අත්විඳීමෙන් පසු ඉන්දියාවේදී පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමේ අවදානමකට පාකිස්ථානය මුහුණදී සිටී.
“බාබර් අසාම් සභාපතිවරයාට පණිවිඩ යවා ඇත. නමුත් ඔහු ප්‍රතිචාර දක්වා නැත. ඔහු සල්මන් නසීර්ට කෙටි පණිවුඩයක් පවා යවා ඇත. නමුත් ඔහු ද ප්‍රතිචාර දැක්වූයේ නැත. ඔහු තම නායකයාට ප්‍රතිචාර නොදැක්වීමට හේතුව කුමක්ද? එවිට ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔබ කියනවා මධ්‍යම කොන්ත්‍රාත්තු නැවත සිදුකරන බව. ක්‍රීඩකයන්ට මාස පහක් තිස්සේ වැටුප් ලැබී නැහැ. ක්‍රීඩකයන් ඔබට ඇහුම්කන් දිය යුතුද? ”ලතීෆ් PTV Sportsහි දී සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart