
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයෙන් ලබාගන්නා දැවැන්ත ණය මුදලක් හරහා පාකිස්ථානයේ මෙගාවොට් 1,200ක න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 4.8 ක ගිවිසුමකට අත්සන් තබා ඇති බව පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් පවසයි.
China National Nuclear Cooperation සහ Pakistan Atomic Energy Commission අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු, ‘Chashma 5’ නැමැති මෙම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරනු ඇතැයි අගමැතිවරයා සඳහන් කරයි.
Chashma 5 ව්‍යාපෘතිය යටතේ අදාළ බලාගාරය පන්ජාබයේ මධ්‍යම පළාතේ ඉදිකරනු ලැබේ.
එමෙන්ම පාකිස්ථානයට පොසිල ඉන්ධන මත යැපීමෙන් ඉවත්වීමට චීනය සහයෝගය ලබාදෙනු ඇතැයි පකිස්ථාන රජය විශ්වාස කරයි.
මෙම නවතම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 100ක වට්ටමක් පිරිනැමීම පිළිබඳව චීන හවුල්කරුවන්ට ස්තුතිවන්ත වන බවද අගමැතිවරයා සඳහන් කරයි.
එසේම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා චීන ජාතිකයන් විසින් පකිස්ථාන රුපියල් බිලියන 30ක් (ඩොලර් මිලියන 104.53ක්) ලබා දී ඇත.
වසර දෙකකට පෙර පකිස්තානයේ හයවන න්‍යෂ්ටික බලාගාරය විවෘත කරන විට සම්පූර්ණ න්‍යෂ්ටික බලශක්ති නිෂ්පාදන ධාරිතාව මෙගාවොට් 1,400 දක්වා ඉහළ ගොස් ඇත.
දකුණු වරාය නගරයක් වන කරච්චි හි පිහිටා ඇති එම බලාගාරය ද චීන ආධාර යටතේ ඉදිකරන ලද්දකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart