
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ණය පැකේජය ප්‍රමාදවීම සම්බන්ධයෙන් පාකිස්ථානය මූල්‍ය අරමුදල ඇතුළු ගෝලීය මූල්‍ය ආයතනවලට දොස් පවරා ඇත.
ගෝලීය ආයතනවලට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව මෙන් පාකිස්ථානයද
ණය පැහැර හැරීමෙන් පසුව සාකච්ඡා නැවත ආරම්භ කිරීමට බව, පාකිස්තානයේ මුදල් ඇමැති ඉෂාක් ඩාර් සඳහන් කරයි.
නොවැම්බර් මාසයේ සිට පැවැත්වීමට නියමිතව ඇති නවවන සමාලෝචනය පිටුපස ඇති අනවශ්‍ය ප්‍රමාදය සඳහා IMF විසින් කිසිදු හේතුවක් මෙතෙක් ඉදිරිපත්කර නොමැති බවද ඔහු පවසයි.
පාකිස්ථානයද ශ්‍රී ලංකාව මෙන් පැහැර හැර සාකච්ඡාවලට එළඹීමට අවශ්‍ය බැවින් ඇනහිට ඇති ණය වැඩසටහන පිටුපස ගෝලීය භූ-දේශපාලනය පවතින බවට ඇමැතිවරයා චෝදනා කරයි.
වොෂින්ටනය පදනම් කරගත් ගෝලීය ණය ආයතන සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින අතර, නවවන සමාලෝචනය මේ මාසයේදී අවසන් වනු ඇති බව ද ඇමැතිවරයා සඳහන් කර ඇත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) 2019 දී යම් යම් කොන්දේසි සපුරාලීම මත පකිස්ථානයට ඩොලර් බිලියන 6ක් ලබා දීමට ගිවිසුමක් අත්සන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart