
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පකිස්තානය රට තුළ ක්‍රියාත්මක අන්තවාදී සුන්නි කණ්ඩායම් සඳහා ප්‍රසිද්ධියේ ආධාර ලබා දෙන බවට ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වෙයි.
පකිස්තානයේ ක්‍රියාත්මක Tehreek-e-Labbaik Pakistan වැනි අන්තවාදී කණ්ඩායම් ඊට උදාහරණ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
එම කණ්ඩායම විසින් රට තුළ සිදු කරනු ලබනසුළු ජාතීන්ට අයත් ආගමික ස්ථාන විනාශ කිරීම, සුළු ජාතීන් ඝාතනය කිරීම, අසත්‍ය අපහාස චෝදනා එල්ල කිරීම සහ අගවිනිසුරුවරියට සෘජු තර්ජන එල්ල කිරීම වැනි සිද්ධීන් පවා පකිස්තාන බලධාරීන් විසින් නොසලකා හැර ඇති බව පැවසේ.
පකිස්තානයේ ක්‍රියාත්මක TLP සහ ඒ හා සමාන අන්තවාදී කණ්ඩායම් සුළු ජාතීන්ට, විශේෂයෙන් හින්දුවරුන්ට බොහෝ හිරිහැර සිදු කරන බව එරට මාධ්‍ය වාර්තා අනාවරණ කරයි.
හින්දු ගැහැණු දරුවන් සහ කාන්තාවන් පැහැර ගැනීම, දූෂණය කිරීම සහ ඔවුන්ව බලහත්කාරයෙන් මුස්ලිම් පිරිමින්ට විවාහ කර දීම සහ ඊට පෙර ඉස්ලාම් ආගමට හරවා ගැනීම වැනි සිදුවීම් පකිස්තානයෙන් වාර්තා වේ.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව මෙම වසරේ ජනවාරි 8 සිට පෙබරවාරි 8 දක්වා කාලය තුළ හින්දු ගැහැණු ළමයින් 20 දෙනෙකු පමණ අන්තවාදී ඉස්ලාම් කණ්ඩායම්වල සාමාජිකයින් විසින් ශාරීරික හිංසනයට ලක්කර තිබේ.
ඊට අමතරව එම කාලය තුළදී බලහත්කාරයෙන් ආගමට හරවා ගැනීම සහ පැහැරගෙන යාමේ සිද්ධීන් 20 ක්, බලහත්කාරයෙන් විවාහ කිරීම් 12 ක් සහ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 04 ක් සම්බන්ධයෙන් පකිස්තානයේ අන්තවාදී TLP කණ්ඩායමට එරෙහිව ඉදිරිපත් වී ඇතැයි ද සඳහන්.
එම සිද්ධි හමුවේ වින්දිතයින් බවට පත්ව ඇති බොහෝ දෙනෙකු හින්දු තරුණියන් බව ද පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart