
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කළ වේදනා නාශක පෙති තොගයක් අඟහරුවාදා (දෙසැ 12) අලුයම රාමේෂ්වරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඉන්දියාවේ ‘ද හින්දු’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, නිරීක්ෂණ රාජකාරියේ යෙදී සිටි ඉන්දීය වෙරළාරක්ෂක (ICG) භටයන්, අලුයම 5 ට පමණ දකුණු මුහුදේ මූසල් දූපත අසල සැකකටයුතු බෝට්ටුවක් ගමන් කරන බව දැක තිබේ.
ICG කණ්ඩායම බෝට්ටුව වෙත ළඟාවන විට එහි සිටි පිරිස මුහුදට පැන අඳුරේ මුවාවෙන් බේරී ඇත.
බෝට්ටුව අතහැර දැමීමත් සමඟ ICG නිලධාරීන් එය වෙරළට ඇදගෙන ගොස් තිබේ.
බෝට්ටුවේ වේදනා නාශක පෙති මිටි 13ක් තිබී ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණයවී තිබේ.
මෙම වේදනා නාශක පෙති ශ්‍රී ලංකාවට හොර රහසේ රැගෙන යමින් තිබූ එකක් බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත.
යාත්‍රාව ලියාපදිංචි කර නොතිබූ නමුත් එහි හිමිකරු වේතලෙයි කුරවන්තොපේ ප්‍රදේශයේ අයකු විය හැකි බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart