
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිවසකින් සොරකම් කරන ලද සුනඛයන් රංචුවක් සොරුන්ගෙන් පලාවිත් සැතපුම් 11කට ආසන්න දුරක් ගමන් කර සිය නිවසට ගිය බව කියන පුවතක් චීනයෙන් වාර්තා වේ.
එරට මාධ්‍ය වාර්තා කරන පරිදි හත්දෙනෙකුගෙන් යුතු මෙම සුනඛ රංචුව ඊසානදිග චීනයේ අධිවේගී මාර්ගයක ඔවුන් යන්නේ කොහේදැයි හරියටම දන්නා පරිදි, පැහැදිලි අරමුණක් ඇතිව ගමන් කරන ආකාරය රියදුරන්ට දැකගත හැකි වී තිබේ.
මාර්තු 16 වැනිදා ලූ නම් මගියකු විසින් රූගත කරන ලද එම සතුන්ගේ දර්ශන අන්තර්ජාලය හරහා ශීඝ්‍රයෙන් පැතිරගොස් තිබිණි.
දකුණු චයිනා මෝනිං පෝස්ට් වාර්තා කළේ මෙම සුනඛ රංචුවට ගෝල්ඩන් රිට්‍රීවර්, ලැබ්‍රඩෝ, පෙකිංගීස් සහ ජර්මන් ෂෙපර්ඩ් ආදී විවිධ වර්ග කිහිපයක සුනඛයන් ඇතුළත් වූ බවයි.
කෝර්ගි වර්ගයේ සුනඛයකු පෙරමුණ ගන්නා බවක් පෙනෙන්නට තිබුණු බව ද වාර්තා වේ.
සෑම සුනඛයකුම මග හැරී නොමැති බවට වග බලා ගන්නවාක් මෙන් නැවත නැවතත් එකිනෙකා දෙස ආපසු හැරී බලමින් රංචුව ගමන්ගත් බව ද වාර්තා වේ.
ගමනේ එක් අවස්ථාවක, සෙසු සුනඛයන් තුවාල ලැබූ ජර්මන් ෂෙපර්ඩ් වට කර කණ්ඩායමේ මැද ආරක්ෂිතව ස්ථානගත කර ඇති ආකාරය ද දක්නට ලැබුණු බව කියැවේ.
ප්‍රාදේශීය ගලවා ගන්නන් අවසානයේ තහවුරු කළේ බල්ලන් හත්දෙනාම එකම අසල ගම්මානයකින් පැමිණ ඇති බවයි
මාර්තු 19 වන විට, ඔවුන්ගේ ගමන අවසන් වී තිබිණි.
සෑම බල්ලෙක්ම සාර්ථකව ගමට ආපසු ගොස් ඇති අතර ඔවුන්ගේ අයිතිකරුවන් සමඟ නැවත එක් වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart