
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මධ්‍ය ප්‍රදේශ් හි සිදුවූ ළමුන් 17 දෙනකුගේ මරණවලට සම්බන්ධ කැස්ස සිරප් නිෂ්පාදන සමාගමක් වන ශ්‍රේසන් ඖෂධ නිෂ්පාදක සමාගමේ හිමිකරු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මාසය තුළ එම සමාගම නිෂ්පාදනය කළ කැස්ස සිරප් පානය කළ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණයකින් පසුව සැකකරු අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.
ප්‍රාථමික පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ එම සිරප් වල භයානක ලෙස ඉහළ මට්ටමේ ඩයිඑතිලීන් ග්ලයිකෝල් අඩංගු බවයි.
එය බොහෝ විට කාර්මික නිෂ්පාදනවල භාවිතා වන විෂ රසායනිකයකි.
නිලධාරීන් පැවසුවේ සාන්ද්‍රණය අවසර ලත් සීමාවට වඩා 500 ගුණයකට ආසන්න බවත්, එමඟින් නිෂ්පාදනය පරිභෝජනයට කිසිසේත් නුදුසුසු හා අනාරක්ෂිත මෙන්ම මාරාන්තික බවයි.
එතැන් සිට ඉන්දියාවේ සෞඛ්‍ය බලධාරීන් සමාගමේ නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවා එහි නිෂ්පාදන පුළුල් ලෙස ආපසු කැඳවීමක් ආරම්භ කර ඇත. දූෂණය මට්ටම් තහවුරු කිරීම සඳහා සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යවා තිබේ.
ඉන්දියාව මෙවැනි ඛේදවාචකයකට මුහුණදුන් පළමු අවස්ථාව මෙය නොවේ.
මෑත වසරවලදී, ඉන්දියානු සමාගම් විසින් සාදන ලද කැස්ස සිරප් ගැම්බියාවේ සහ උස්බෙකිස්තානයේ ළමා මරණවලට සම්බන්ධ වී ඇති අතර, එය රටේ ඖෂධ නිෂ්පාදන ප්රමිතීන් පිළිබඳ ගෝලීය පරීක්ෂාවට හේතු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart