
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොටහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පෞද්ගලික උපකාරක පන්තියේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කර තිබේ.
ඊයේ(09) රාත්‍රියේ ඔහු මෙම පැමිණිල්ල සිදුකර තිබිණි.
පැමිණිල්ල සිදුකර පිටතට පැමිණි පසු ඔහු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ල කරන්නේ දේශපාලනික වුවමනාවන් මත බවයි.
එබැවින් මේ පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකරන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉලා සිටි බව ද ඔහු සඳහන් කළේය.
දැරිය පසුවූ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් තමන් ඇයගේ මව කැඳවා දැනුවත් කළ බවත් අපයෝජන සිදුවීමක් සම්බන්ධයෙන් තමා දැන නොසිටි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart