
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ 2026 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,040ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. වර්ධනය වන මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමුකර තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත වාර්තාවන්ට අනුව, ගත වූ අගෝස්තු මාසය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 10,155 දෙනකු වාර්තා වී තිබේ. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 72කි.
පළාත් මට්ටමින් පවතින දත්ත දෙස බැලීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම සංඛ්‍යාව 50,760කි. ඊට අමතරව, දකුණු පළාතෙන් රෝගීන් 13,931ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,788ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 7,910ක් ලෙස වාර්තා වී තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම අවදානමක් පෙන්නුම් කරන ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 20,444ක් හඳුනාගෙන ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,008ක් වාර්තා වේ. තවද, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,043ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 6,181ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,154ක් වශයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.
රෝග ව්‍යාප්තියේ වර්ධනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 50ක් තවදුරටත් අධි-අවදානම් කලාප ලෙස හඳුනාගෙන විශේෂ මර්දන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් පවතී.
මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ පරිසරය පිරිසිදුව පවත්වා ගැනීම සඳහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ දැඩිව අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart