
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
Parasite චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මාන දිනූ නළු ලී සුන්-ක්යූන් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් විමර්ශනයකට මුහුණ දී සිටියදී අද (27) සියදිවි නසාගෙන ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
දකුණු කොරියාවේ මධ්‍යම සෝල් හි උද්‍යානයක පෙරවරු 10.30ට මෝටර් රථයක් තුළ සිහිසුන්ව සිටි වයස අවුරුදු හතළිස් ගණනක පුද්ගලයකු සොයාගෙන ඇති අතර, පසුව පොලිසිය ඔහු ලී ලෙස හඳුනාගෙන ඇත.
ඔහු සියදිවි නසාගැනීමේ සටහනකට සමාන මතක සටහනක් ලියා නිවසින් පිටව ගිය බවත්, ඔහුගේ මෝටර් රථය නැති වූ බවත්, පොලිසියට මීට පෙර වාර්තාවක් ලැබී තිබේ.
පසුගිය සෙනසුරාදා ද ඇතුළුව මේ වසර මුල සිට අවස්ථා කිහිපයකදී සෝල් හි ගංග්නම් දිස්ත්‍රික්කයේ ඉහළ පෙළේ අවන්හලක සේවය කරන සේවිකාවකගේ නිවසේදී මරිජුවානා සහ වෙනත් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ සැකය මත ලී පොලිස් ප්‍රශ්න වට තුනකට ගොස් ඇත.
එහිදී ඔහු පවසා ඇත්තේ, ඇය විසින් තමාව රවටා මත්ද්‍රව්‍ය ලබාදුන් බවත්, ඔහු පානය කරන්නේ කුමක්දැයි තමා නොදන්නා බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart