
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාබනික පොහොර ගනුදෙනුවකින් ශ්‍රී ලංකාවට සිදුවූ ඩොලර් මිලියන 6.9ක පාඩුව සම්බන්ධ සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන රාජ්‍ය සංචාරයේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොතිබුණු බව වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු තහවුරු කර ඇත්තේ ශ්‍රී ලංකා දූත පිරිස සහ චීන නිලධාරීන් අතර පැවති ඉහළ මට්ටමේ රැස්වීම්වලදී මෙම ගැටලුව මතු කර හෝ සාකච්ඡා කර හෝ නොමැති බවයි.
පසුගිය සිකුරාදා (17) සිය සිව්දින චීන සංචාරය අවසන් කළ ජනාධිපති දිසානායක, චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාත් ලේකම් වැන්ග් ෂියාඕහුයි සමඟ රැස්වීමකට සහ චෙන්ග්ඩු හි ඩොන්ග්ෆැන්ග් විදුලි සංස්ථාවේ සංචාරයකට සහභාගී වී තිබිණි.
දූත පිරිස තිරසාර ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා ප්‍රසිද්ධ ෂැන්කි ආදර්ශ ගම්මානය සහ සිචුවාන් හි ජාතික විද්‍යා, තාක්ෂණ සහ කෘෂිකර්ම මධ්‍යස්ථානය ද නැරඹූහ.
ශ්‍රී ලංකාවට සැළකිව යුතු මූල්‍ය අලාභයක් සිදු කර ඇති පොහොර ගැටලුව ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර සාකච්ඡා කර නොතිබිණි.
මෙම කාරණය නිල සාකච්ඡාවලට ඇතුළත් කිරීමට අපොහොසත් වීම පිළිබඳ කණස්සල්ල පළවන්නේ ශ්‍රී ලංකාව නැවත නැවතත් ඉල්ලීම් කළද සිද්ධියට සම්බන්ධ චීන සමාගම වන කිංඩාඕ සීවින් බයෝටෙක් සමූහ සමාගම වන්දි ලබා දීමට හෝ ගැටලුව විසඳීමට තවමත් කටයුතු කර නොමැති බැවිනි.
මෙම මතභේදය 2021 නොවැම්බර් දක්වා දිව යයි.
හානිකර බැක්ටීරියා පැවතීම ඇතුළු ගුණාත්මක ගැටලු හේතුවෙන් කිංඩාඕ සීවින් වෙතින් යොමුකල කාබනික පොහොර තොගය ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළේය.
මෙම ප්‍රතික්ෂේප කිරීම නීතිමය ආරවුල් මාලාවකට තුඩු දුන් අතර චීන සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා සිටියේය.
අවසානයේ, ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 6.9ක් ගෙවීමෙන් කාරණය සමථයකට පත් කර ඇත.
එහෙත් කිංඩාඕ සීවින් සමාගම ශ්‍රී ලංකාව ඉල්ලා සිටි පොහොර ලබා දීමට හෝ මුදල් ආපසු ගෙවීමට එකඟ වී නොමැති බැවින් ගැටලුව තවමත් විසඳී නොමැත.
(The Sunday Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart