Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2015 වසරෙන් පසු නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහන ආනයනය කර, රුපියල් බිලියන 50 ක තීරු බදු ශ්‍රී ලංකා රේගුවට අහිමි කළ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග ලැබී තිබේ.
මෙම වාහන අත්අඩංගුවට ගැනීමෙන් පමණක් නොනැවතී නීතිවිරෝධී ලෙස ඒවා ආනයනය කළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ අල්ලස් කොමිසමට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද වාහන 200න් මෙතෙක් ආපසු භාරදී ඇත්තේ 20ක් පමණක් බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
රුපියල් මිලියන 60ක වටිනාකමකින් යුත් මිට්සුබිෂි ජීප් රථයක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පසුගිය සැප්තැම්බර් 18 වැනිදා වාහනය රජයට බාරදෙන ලෙස අධිකරණයෙන් වාහනයේ හිමිකරුට දන්වා තිබුණද, ඔහු වාහනය සඟවාගෙන සිටි බව අධිකරණයට දන්වා සිටියේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මෙම වාහනය අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබුණේ එය අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් පසුවය.
කරුණු සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සිතාමතා රජයට පාඩු සිදු කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම අල්ලස් කොමිසමේ වගකීමක් බව පෙන්වා දුන් අතර, එවැනි පුද්ගලයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන්නේය.
2015 න් පසු නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද සුඛෝපභෝගී වාහන 200 ක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඒවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ව්‍යාජ දත්ත ලබා දී 2015ට පෙර ගෙන්වූ සාමාන්‍ය වාහන ලෙස ලියාපදිංචි කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart