
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක මහනුවර දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකුට රුපියල් කෝටි දෙකකට පමණ විකුණා ඇතැයි කියන සිද්ධියක් වාර්තාවේ.
ඔහු මෙම මත්පැන් බලපත්‍ර දෙක ලබාගෙන ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ වන බවට පොරොන්දුවක් දෙමින් යැයි දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවීමෙන් පසු දිගන ප්‍රදේශයේ විහාරස්ථානයක නායක හිමිනමක එම මත්පැන් බලපත්‍ර ලබාගත් ව්‍යාපාරිකයන් දෙදෙනා කැඳවා ඒ ගැන විමසා ඇති අතර, එම බලපත්‍ර දෙක මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දුන් බව ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇතැයි පැවැසේ.
අනතුරුව එම හිමිනම සිද්ධිය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාට ද පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
ආණ්ඩුව මැතිවරණයේදී සහාය ලබාගැනීමට මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට මත්පැන් බලපත්‍ර 200ක් ලබාදී ඇතැයි පසුගිය දිනවල කතාබහක් ඇති විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart