August 24, 2026

ලෝක ඡායාරූපකරණ දිනය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ සටහනක් සහ ඡායාරූපයක් X ගිණුමට එක්කර තිබේ.

වනජීවී ඡායාරූපකරණය සහ සොබාදහම කෙරෙහි පවතින දැඩි ඇල්ම ප්‍රකාශ කරමින් ඔහු සඳහන් කරන්නේ, වනජීවී ඡායාරූපකරණය මගින් තමා ඉවසීම සහ සැබෑ ආනන්දය ප්‍රගුණ කළ බවයි.

නිසි ආලෝකය, සතුන්ගේ චලනයන් සහ උන්ගේ කැමැත්තෙන්ම අඳුරෙන් එළියට එනතුරු පැය ගණනාවක් මඟබලා සිටීමෙන් පසුව ලැබෙන තත්පර කිහිපයක රූපරාමුව එම සියලු කැපකිරීම්වලට වටිනාකමක් එකතු කරන බව ද ඔහු පවසයි.

තවමත් ‘හොඳම ඡායාරූපය’ හඹායන සියලු දෙනාටම හෘදයාංගම සුබ පැතුම් එක් කිරීමට ද විපක්ෂ නායකවරයා මෙහිදී අමතක කර නැත.